කිලෝමීටර් 5ක් දිග ලෝකයේ විශාලතම ගල්ගුහාව…

ගල්ගුහාව එසේත් නැත්නම් ගල්ලෙන් කියන්නේ ස්වභාවධර්මයේ තවත් එක් විශිෂ්ට නිර්මාණයක්.

අපේ රටේ බොහෝ ස්ථානවල විවිධ ප්‍රමාණයේ ගල්ගුහා දක්නට ලැබෙනවා.මේ නිසා ගල් ගුහාවක් තුළට ගොස් නොමැති පුද්ගලයකු සොයාගැනීමට නොමැති තරම්.මීට හේතුව අපේ රටේ බොහෝ පන්සල් ගල්ගුහා ආශ්‍රිතව පිහිටා තිබීමයි.අද ඔබ සමඟ යන්නට සූදානම් වන්නේ ලෝකයේ විශාලත ම ගල්ගුහාව වෙතයි.පරිමාව අතින් විශාලතම ගල්ගුහාව වන මෙය පිහිටා තිබෙන රටවන්නේ වියට්නාමයයි.

වියට්නාම් භාෂාවෙන් Hang Son Doong (හැන් සන්ඩෝන්) සහ Son Doong ගුහාවQuang Binh පළාතේ Phong Nha-ke Bang ජාතිකඋද්‍යානය තුළ පිහිටා තිබෙනවා.හිරිගල්වලින් සෑදී ඇති මෙම ගුහාව තුළ පොළොව යටින් ගලායන ගංගාවක් පවා තිබෙනවා.වර්ෂ 1991 දී වියට්නාම්ජාතිකයකු මෙම ගල්ගුහාව සොයාගෙන ඇති නමුත් ගල්ගුහාව ආරම්භයේ ඇති දැඩි ප්‍රපාතයත් ගල්ගුහාව තුළින්ඇසෙනා සුළං හමන ශබ්දයත් වියට්නාම්ජාතිකයන් මෙම ගුහාවතුළට ඇතුළුවීම වළක්වාතිබෙනවා.

2009දී බ්‍රිතාන්‍ය ගල්ගුහා පර්යේෂණ කණ්ඩායමක් තමයි ඔවුන්ගේ පර්යේෂණයක් සඳහා ප්‍රථමයෙන් මෙම ගල්ලෙන තුළට ඇතුළුවී තිබෙන්නේ.ඇතුළත පරිමාව අතින් ගත්කළ මෙම ගල්ගුහාව ලෝකයේ ඇති විශාලතම ගල්ගුහාව වනවා.ගුහාව තුළ මාර්ගය කිලෝමීටර්5ක පමණ දිගකින්යුක්ත මෙහි උසමීටර 200ක් වන අතර පළල මීටර් 150ක් වනවා.

කෙසේ වෙතත් ගල්ගුහාවේ කෙළවරටම ඇති දුර දළ වශයෙන්කිලෝමීටර් 9ක් පමණ වනබව පැවසෙනවා.

මෙම ගුහාවේ ස්ථාන දෙකක ගුහාවේ සිවිලිම කඩාවැටීමෙන් විවර සෑදී තිබෙනවා.

ගුහාවේ කටවල් ලෙස ක්‍රියාකරන මේවානිසා ගුහාවතුළට හිරුඑළිය පතිතවන අතර මේනිසා ම එම ගුහාකටවල් ආශ්‍රිතව තුරුලතා ඇතිවීමෙන් කුඩා වැසිවනාන්තරයක් නිර්මාණයවී තිබෙනවා.

ගුහාව තුළ ඇති සීතල වාතය එයින් පිටත ඇති උණුසුම් වාතය හා ගැටීමෙන් මීදුම හෝ වළාකුළු වැනි ස්වාභාවයක් නිර්මාණය කරන්නේ ගුහාව තුළවෙනම ම ලෝකයක්ඇතිකරමිනි.මීටර 70ක් පමණ උසින්යුක්ත හිරිටැඹ රැසක් මෙම ගල්ලෙන තුළඇති අතර ඒවා ලෝකයේ උසින් වැඩිම හිරිටැඹවනවා.හිරිටැඹයනු එක්තරා ආකාරයක පාෂාණ වර්ගයක් වන අතර මේවා සෑදෙන්නේ ගල්ගුහාවේ සිවිලිමේ සිට පහළට බිංදු ලෙසින් පතිතවන ජලයේ දියවී ඇති ද්‍රව්‍ය තැන්පත්වීමෙනි.

මෙම ගල්ගුහාව නැරඹීමට පළමු සංචාරකයන් පිරිස පැමිණ තිබෙන්නේවසර 2013දීය. මෙම ගල්ගුහාව නැරැඹීමට පැමිණිය හැක්කේ පෙබරවාරි මස සිට අගෝස්තු මස දක්වා පමණි.

එයට හේතුවවන්නේ අගෝස්තු මස අවසානයේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා ගංගා ජලයෙන් පිරීගොස් ගල්ගුහාව වෙතපැමිණෙන මාර්ග අවහිරවන නිසායි.වසරකටසංචාරකයන් 450-500 අතර ප්‍රමාණයකට පමණක් මෙහි පැමිණීමට අවසරපත් නිකුත් කරන්නේ ගල්ගුහාවේ ආරක්ෂාව ගැනබලධාරීන් සැලකිල්ලක් දක්වන නිසායි. බොහෝ ඡායාරූපශිල්පීන් මෙම සුවිශේෂී ස්ථානය තම කැමරාකාචයේ සටහන් කරගැනීමටමෙහි පැමිණෙන බව සඳහන් වනවා.

Leave a Reply