පින්නවල අලි අනාථාගාරයේ ප්‍රථම වරට නිවුන් අලි උපතක්..

පින්නවල අලි අනාථාගාරය පැවසුවේ, අවුරුදු 24ක් පමණ වයසැති ‘සුරංගි’ නම් කෙනරක් මෙම අලි පැටවුන් බිහි කළ බවය.

පින්නවල අලි අනාථාගාරයේ නිවුන් අලි උපතක් සිදු වූයේ ප්‍රථම වරටයි.

1996 වසරේ ත්‍රිකුණාමලය සුරංගල්ගම ප්‍රදේශයේ උපත ලැබූ එම මෙම කෙනර 1997 වසරේදී පින්නවල අලි රංචුවට එක් වූ අතර ඇය 2009 වසරේදී කනක නම් අලි පැටවෙකු ද බිහි කළාය.

අලි අනාථාගාර නිලධාරීන් ප්‍රකාශ කළේ, කෙනෙර සහ පැටවුන් දෙදෙනා නිරෝගී සුවයෙන් පසුවන බවය.

වවුනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයෙන් හමු වූ පණ්ඩු නම් ‘හස්තියා’ මෙම අලි පැටවුන් දෙදෙනාගේ පියා ලෙස සැලකෙයි.

Leave a Reply