Orphan: First Kill (2022) film with Sinhala Subtitle

ඔන්න එහෙනම් මේපාර අරගෙන ආවෙ Horror ෆිල්ම් රසිකයො බලාගෙන හිටපු චිත්‍රපටයක්. ඒ තමයි Orphan(2009) චිත්‍රපටයේ prequel එක. එහෙමත් නැතිනම් Orphan(2009) චිත්‍රපටයේ වුණ සිදුවීමට පෙර සිදුවුණ දේ තියෙන චිත්‍රපටය තමයි මේක. මුලින්ම කියන්න ඕනෙ මේක බලන්න කලින් මේකෙ පලවෙනි චිත්‍රපටය අනිවාරෙන් බලල ඉන්න. මොකද කෙලින්ම මේක බැලුවොත් පලවෙනි චිත්‍රපටය බලලා වැඩක් නෑ. මොකද කිව්වොත් මේකෙ පලවෙනි චිත්‍රපටය සුපිරිම මට්ටමේ Horror චිත්‍රපටයක්. ඒ නිසා මේක බලලා ඒක ස්පොයිල් කරගන්නෙ නැතුව ඒක අනිවාරෙන් බලලා ඉන්න. මේක නිකුත් වෙන්නෙ 2022 අගෝස්තු 19 වෙනිදා. මේ වෙනකොට IMDb 6.1 සහ කුණු තක්කාලි 68% අගයක් ලබා ගැනීමට හැකිවෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂනය කරන්නේ William Brent Bell විසින්. ඔහු අධ්‍යක්ෂනය කරපු තවත් චිත්‍රපට ගැන කියනවා නම් The boy (2016), Brahms:The Boy II (2020), Separation (2021) වැනි චිත්‍රපට ගන්න පුළුවන්. තවද මෙයට රංගනයෙන් දායක වෙනවා Isabelle Fuhrman/ Julia Stiles/ Matthew Finlan/ Rossif Sutherland වැනි අය.

Leave a Reply