පාට පහක් ඇති ගගක් බලමුද…Posted on September 21, 2021 By HARINI ගංගාවන් ගැන කතා කළාම විවිධ වර්ගයේ, විවිධ වර්ණයේ ගංගාවන් තියෙනවානේ. නිල්වන් පැහැති, ළා කොළ පැහැති, ගංගාවන් වගේම ඉඳලා හිටලා මඩ පාටට හැරුණු ගංගාවන් දකිනවා වුණත් පාට පාට දේදුනු වගේ ගංගාවන් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් කොළොම්බියාවේ ඉඥපපචදඪච ඤඥතච ර්චජචපඥදච ප්‍රදේශයේ ඉන්න අයට නම් දේදුනු ගංගාවක් දකින්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ ගඟේ නම කැකෝ ක්‍රිස්ටාලේ වුණත් ඒ ප්‍රදේශයේ අය නම් කියන්නේ දේදුනු ගංගාව කියලයි. පාට වර්ග පහකින් යුත් මෙම ගංගාව පිහිටා ඇත්තේ වැසි වනාන්තරවලින් ගහන ප්‍රදේශයකය. මෙම කලාපය අවට කුරුලු වර්ග 420ක්, උභය ජීවීන් 10ක්, උරග විශේෂ 43ක් සහ ශාක විශේෂ වර්ග 8ක් ජීවත් වෙනවා. ගඟේ විවිධ ප්‍රදේශවල ජීවත්වන ක්‍ෂුද්‍රජීවීන් වගේම ඇල්ගී සහ පාසි විශේෂ, ශාක විශේෂ වගේම විවිධ පාෂාණ වර්ග නිසාත් මේ වගේ අපූරු නිර්මාණයක් ඇතිවී ඇතැයි සැලකෙනවා. සංචාරක ආකර්ෂණය ඇද බැඳ තබාගත් ස්ථානයක් ලෙස සැලකෙන කැනෝ ක්‍රිස්ටල් ගංගාවේ කැපී පෙනන රෝස පැහැයට හේතුව, ඒ ප්‍රදේශයටම ආවේණික වූ ර්චජචපඥදඪච ඛ්තචමඪඨඥපච නම් ශාක විශේෂයයි. මෙම ගංගාවේ තවත් එක් විශේෂත්වයක් වන්නේ ජලය ඉතාමත් පිරිසුදු වීම බව පැවසෙනවා. Post Views: 884 Share this:FacebookXLike this:Like Loading... Related